“ගොඩක් ධනාත්මක දේවල් තියෙනවා අපිට. නමුත් අපි ස්ථාවර විය යුතුයි” : කුසල් ජනිත්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ඊයේ(4) නිමා වුණේ කිසිදු තරගයක් ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව අහිමි කරමින්.

සංචාරය පුරාවටම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා කැපී පෙණුනු අතර, වඩාත් කනගාටුදායක තත්ත්වය වූයේ පිතිකරුවන් තමා අතින් සිදු වන වැරැදි හදුනා ගනිමින් ඒවා නිවැරැදි කර ගැනීමට කිසිදු උත්සහායක නිරත නොවීමයි.

එහි ප්‍රතිපලය ලෙස පිතිකරුවන් එකම ආකාරයට අවස්ථා ගණනාවකදී දැවී යන අයුරු දැක ගත හැකිවුණා.

ඒ, පුහුණුකරුවන්ගේ භූමිකාව සම්බන්ධයෙන් ද යළි යළිත් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින්.

එවැනි පසුබිමක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය පරාජයන් 5ක් සහිතව අවසන් වුවත්, ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා සදහන් කර සිටියේ ධනාත්මක පැති රැසක් ද තරග සංචාරයේ දී හදුනා ගත් බවයි.

කෙසේ වෙතත්, ක්‍රීඩකයින් අඛණ්ඩව දක්ෂතා දැක්වීම වැදගත් බවයි ඔහු කියා සිටියේ.

“මෙය ගොඩක් අමාරු සංචාරයක් වුණා අපිට. සමවර තැන්වල අපි හොදින් ක්‍රීඩා කළා. නමුත් එය ප්‍රමාණවත් වුණේ නැහැ.” යනුවෙන් කුසල් ජනිත් ඊයේ තරගයෙන් පසුව කියා සිටියා.

“අපේ පිතිකරණය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළ යුතුයි. ක්‍රීඩකයින්ට සිද්ධ වෙනවා විශ්වාස කරන්න ඔවුන්ගේ හැකියාව. ගොඩක් ධනාත්මක දේවල් තියෙනවා අපිට. නමුත් අපි ස්ථාවර විය යුතුයි”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...