වැස්ස නිසා ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකකින් ඉදිරියට

Date:

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව අද(4) සමත් වුණා.

ඒ, එංගලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතරමගදී අතහැර දැමීමට සිදුවීමත් සමග ප්‍රසාද ලකුණු 5ක් හිමි වීම හේතුවෙන්.

ඒ අනුව කණ්ඩායම් 13ක් තරග කරන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව මෙතෙක් අවසන් ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකාව මේ වන විට 11 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාව තරග 9කට ක්‍රීඩා කර එක් ජයග්‍රහනයක් පමණක් ලබා ඇති අතර, පරාජය වූ තරග ගණන 7ක්.

ශ්‍රී ලංකාවට මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 13ක්.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් තහවුරු කර ගැනීමට එංගලන්තය සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 65ක් හිමි කර ගනිමින්.

දෙවැනි ස්ථානයේ පසුවන බංග්ලාදේශය තරග 9කදී ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 50ක්.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගනු ලබන්නේ මෙම සුපර් ලීගය තුළින්.

එහි ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 7, ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමි ඉන්දියාව සමග ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

ප්‍රසාද ලකුණු සටහන –

  1. එංගලන්තය : තරග 12 – ප්‍රසාද ලකුණු 65
  2. බංග්ලදේශය : තරග 9 – ප්‍රසාද ලකුණු 50
  3. පාකිස්තානය : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  4. ඔස්ට්‍රේලියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  5. නවසීලන්තය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  6. ඇෆ්ඝනිස්තානය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  7. බටහිර ඉන්දීය කොදෙව් : තරග 6 – ප්‍රසාද ලකුණු 30
  8. ඉන්දියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 29 (එක් දඩුවම් ලකුණක්)
  9. නෙදර්ලන්තය : තරග 3 – ප්‍රසාද ලකුණු 20
  10. අයර්ලන්තය : තරග 9 – ප්‍රසාද ලකුණු 20
  11. ශ්‍රී ලංකාව : තරග 9 – ප්‍රසාද ලකුණු 13 (දඩුවම් ලකුණු 2ක්)
  12. සිම්බාබ්වේ : තරග 3 – ප්‍රසාද ලකුණු 10
  13. දකුණු අප්‍රිකාව : තරග 3 – ප්‍රසාද ලකුණු 9 (එක් දඩුවම් ලකුණක්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...