දෙවැනි එක්දින තරගයේ දී කළ කාමුක ප්‍රකාශයට කාර්තික් ප්‍රසිද්ධියේ සමාව ගනියි

Date:

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ විස්තර විචාරයේ නිරතව සිටින අතරවාරයේ දී තමා සිදු කළ කාමුක ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව ඉන්දීය ක්‍රීඩක දිනේෂ් කාර්තික් පවසනවා.

ශ්‍රී ලංකා – එංගලන්ත තෙවැනි එක්දින තරගයේ විස්තර විචාරයේ නිරත වෙමින් සිටියදීයි ඔහු එලෙස සමාව ඉල්ලා සිටියේ.

දෙරට අතර පැවැති දෙවැනි තරගයේ දී දිනේෂ් කාර්තික් විසින් ක්‍රිකට් පිත්ත සහ අසල්වැසියාගේ බිරිද සංසන්දනය කරමින් ප්‍රකාශයක් සිදු කළා.

“බොහෝ පිතිකරුවන් ඔවුන්ගේ පිතිවලට කැමති බවක් නොපෙනේ. එක්කෝ ඔවුන් වෙනත් පුද්ගලයෙකුගේ පිත්තකට කැමතියි. පිත්ත අසල්වැසියාගේ බිරිඳ හා සමානයි. ඔවුන් සෑම විටම හොඳ යැයි හැඟේ” යනුවෙන් කාර්තික් පැවසුවා.

මෙම ප්‍රකාශයට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා – එංගලන්ත තෙවැනි එක්දින තරගය අතරතුර දී දිනේෂ් කාර්තික් අදාළ ප්‍රකාශය සිදු කිරීම සම්බන්ධයෙන් සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටියා.

“මට ගොඩක් කනගාටුයි. එය නැවත සිදු නොවිය යුතුයි. එය පැවසීම නිසා මගේ බිරිඳගෙන් සහ මවගෙන් මට දැඩි විවේචනයක් එල්ල වුණා.” යනුවෙන් දිනේෂ් කාර්තික් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...