ද හන්ඩ්‍රඩ් ලබන වසරට කල් යයි

Date:

ද හන්ඩ්රඩ් හෙවත් එංගලන්ත සහ වෙල්ස් ක්රිකට් ආයතනය මෙවර පළමු වරට පැවැත්වීමට සැලසුම් කර තිබූ පන්දු සියයේ නව ක්රිකට් තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ, කොරෝනා වෛරසයේ ව්යාප්තිය සැලකිල්ලට ගනිමින්.
අදාළ තරගාවලිය සදහා එංගලන්තයේ නගර 8ක් කේන්ද්ර කර ගත් කණ්ඩායම් 8ක් සහභාගී වීමට නියමිතව තිබුණා.
පළමු තරගාවලිය මෙම වසරේ ජූලි 17 වනදා සිට අගෝස්තු 15 වනදා දක්වා කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම පැවැත්වීමටයි නියමිතව තිබුණේ.
තරගාවලියට එක්වන සදන් බ්රේව් පිරිමි කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධනයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...