ලබුෂේන්, වේඩ් සහ මිච් මාෂ්ට කොන්ත්‍රාත් – කවාජාට කොන්ත්‍රාත් අහිමි වෙයි

Date:

2020/21 තරග වාරය සදහා වන කොන්ත්‍රාත්ගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැයිස්තුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 20 දෙනෙකු මෙහිදී කොන්ත්‍රාත්ගත කර ඇති අතර, නව ක්‍රීඩකයින් 6 දෙනෙකු ඊට ඇතුළත්.

උස්මාන් කවාජා මෙවර කොන්ත්‍රාත් ගිවිසුම්වලට ඇතුළත් කර නැහැ.

ඔහුට එලෙස කොන්ත්‍රාත් ගිවිසුමක් හිමි නොවුණේ වසර පහට පසුවයි.

උස්මාන් කවාජා හැරුණු විට නෙදන් කෝල්ටර් නයිල්, පීටර් හැන්ඩ්ස්කොම්බ්, මර්කස් හැරිස්, ශෝන් මාෂ්, මර්කස් ස්ටොයිනිස් සහ ඇෂ්ටන් ටර්නර් එළඹෙන තරග වාරය සදහා වන කොන්ත්‍රාත් ගිවිසුම්වලට නම් කර නැහැ.

ඊට අමතරව පසුගිය කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින් අතරින් මෙවර කොන්ත්‍රාත් හිමි නොවූ ක්‍රීඩකයින් අතරට එක්ව ඇත්තේ ජගත් ක්‍රිකට් පිටියට සමුදුන් පීටර් සිඩ්ල්.

මෙවර කොන්ත්‍රාත්ගත නව ක්‍රීඩකයින් වන්නේ මර්නස් ලබුෂේන්, මිචෙල් මාෂ්, ඇෂ්ටන් ඒගාර්, ජෝ බර්න්ස්, කේන් රිචර්ඩ්සන් සහ මැතිව් වේඩ්.

කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින් –

Ashton Agar, Joe Burns, Alex Carey, Pat Cummins, Aaron Finch, Josh Hazlewood, Travis Head, Marnus Labuschagne, Nathan Lyon, Mitchell Marsh, Glenn Maxwell, Tim Paine, James Pattinson, Jhye Richardson, Kane Richardson, Steve Smith, Mitchell Starc, Matthew Wade, David Warner, Adam Zampa

කොන්ත්‍රාත්ගත ක්‍රීඩිකාවන් –

Nicola Carey, Ashleigh Gardner, Rachael Haynes, Alyssa Healy, Jess Jonassen, Delissa Kimmince, Meg Lanning, Tahlia McGrath, Sophie Molineux, Beth Mooney, Ellyse Perry, Megan Schutt, Annabel Sutherland, Tayla Vlaeminck, Georgia Wareham

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...