අලුබදුන වෙනුවෙන් ලෝක කුසලානයෙන් ඉවත් වීමට සූදානම් : ස්මිත්

Date:

මෙම වසර අවසානයේ දී ආරම්භ වීමට නියමිත එංගලන්තයට එරෙහි අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු වීම සදහා, අවශ්‍ය වුවහොත් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් වුවද තමා ඉවත් වීමට සූදානම් බව ඔස්ට්‍රේලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් පවසනවා.

ඔහුගේ වම් අතේ වැලමිට ප්‍රදේශයේ ඇතිව තිබෙන ආබාධ තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් සුව වෙමින් පැවතිය ද ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වේදැයි මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයට පත්ව නැහැ.

cricket.com.au වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ස්මිත් සදහන් කළේ ලෝක කුසලානය සදහා තවත් යම් කාලයක් ඉතිරිව පවතින බැවින් එම තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට තමා තවමත් අපේක්ෂාවෙන් පසුවන බවයි.

“ඇත්තෙන්ම මම කැමතියි ලෝක කුසලාන තරගාවලියට සහභාගී වෙන්න. නමුත් මගේ අදහස අනුව ටෙස්ට් ක්‍රිකට් තමයි මගේ ප්‍රධාන අරමුණ.” යනුවෙන් ස්මිත් සදහන් කළා.

නිමා වූ අලුබදුන තරගාවලි කිහිපය තුළ දී ඉතා ඉහළ දක්ෂතාවයක් පෙන්නුම් කිරීමට ස්ටීවන් ස්මිත් සමත්ව ඇති අතර, අලුබදුන ඉතිහාසයේ දී ඔහු වාර්තා කර ඇති ශතක සංඛ්‍යාව 11ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...