තාවකාලිකව ක්‍රිකට් තහනම් වූ තිදෙනා ගැන විමර්ශනයට පංච පුද්ගල කමිටුවක්

Date:

විනය සම්බන්ධ ගැටළු විමර්ශනය කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පංච පුද්ගල විනය කමිටුවක් පත් කර ඇති බව වාර්තා වනවා.

විනය ගැටලු හේතුවෙන් තාවකාලික ක්‍රිකට් තහනමකට ලක් කෙරුණු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම මෙම කමිටුවේ පළමු කාර්යයයි.

ඒ අනුව එංගලන්ත තරග සංචාරය අතරතුර දී උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක විසින් ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම විනය කමිටුව විසින් පරීක්ෂණ පවත්වා ලබා දෙන දඩුවම සම්බන්ධයෙන් තීරණය කරනු ඇති.

පසුගිය 29 වනදා එම ක්‍රීඩකයින් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැණුනු අතර, ඔවුන් මේ වන විට හෝටලයක් තුළ දින 14ක් නිරෝධායනයට ලක් කර තිබෙනවා.

ඒ අනුව ජූලි 13 වනදායින් පසුව ඔවුන් විනය කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

විමර්ශන අවසන් වන තුරු අදාළ ක්‍රීඩකයින් තිදෙනාට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

පංච පුද්ගල විනය කමිටුවට පොලිස් විශේෂ කාර්යය බළකායේ හිටපු ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා ද ඇතුළත්.

විනය කමිටුව –

  • අජිත් වීරසිංහ මහතා (සභාපති)
  • නිරෝෂන් පෙරේරා මහතා
  • නලින්ද ඉලංගකෝන් මහතා
  • අනුර චන්ද්‍රසිරි මහතා
  • එම්.ආර්. ලතීෆ් මහතා

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...