“ජාතිය වෙනුවෙන් මගේ උපරිමය කිරීමට දැන් මම සූදානම්” : භානුක

Date:

තමාට දින 40ක් තුළ දී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් නිල වශයෙන් සමත් වීමට හැකි වූ බව ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ පවසනවා.

සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කරමින් ඔහු සදහන් කළේ ස්කින් ෆෝල්ඩ් (skinfolds) 104 සිට 71.5 දක්වා අඩු කර ගනිමින් තමා එම පරීක්ෂණයෙන් සමත් වූ බවයි.

එමෙන්ම තම බර ද කිලෝ ග්‍රෑම් 84 සිට 76.5 දක්වා අඩු කර ගත් බව භානුක කියා සිටියා.

මිනිත්තු 8.35කින් නිම කළ යුතු කිලෝ මීටර් දෙකේ යෝග්‍යතා පරීක්ෂණය මිනිත්තු 8.33කින් නිමා කිරීමට ද හැකි වූ බවයි ඔහු සදහන් කළේ.

මෙම පරීක්ෂණවලින් සමත් වීම හේතුවෙන් භානුක රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සදහා අවශ්‍ය සුදුසුකම් සපුරා තිබෙනවා.

“මම මෙය කළේ ක්‍රීඩාවට ඇති ආදාරය වෙනුවෙන්. ජාතිය වෙනුවෙන් මගේ උපරිමය කිරීමට මම සූදානම් බව මට දැන් හිතෙනවා” යනුවෙන් භානුක රාජපක්ෂ පවසා සිටියා.

පසුගිය කාලයේ දී තමාට සහාය දැක් වූ සියලු පාර්ශවවලට ස්තූති කිරීමට ද මෙහිදී භානුක අමතක කළේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...