ක්‍රීඩකයින් දෙදෙනෙකුට අයි.සී.සීයෙන් වසර 8ක තහනමක්

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Amir Hayat සහ Ashfaq Ahmed යන ක්‍රීඩකයින් දෙදෙනාට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් වසර 8 බැගින් ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනා අයි.සී.සී දූෂන මර්දන පනත (ICC Anti-Corruption Code) උල්ලංඝනය කළ බවට අයි.සී.සී දූෂන මර්දන විනිශ්චය සභාව විසින් සනාත කිරීම හේතුවෙන්.

ඔවුන් දෙදෙනාට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවූ 2020 වසරේ සැප්තැම්බර් 13 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම වසර 8ක තහනම පනවා ඇති බව සදහන්.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා 2019 වසරේ පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට අදාළවයි ඔවුන්ට දූෂන චෝදනා එල්ල වී තිබුණේ.

Amir Hayat සහ Ashfaq Ahmed අයි.සී.සී දූෂන මර්දන පනතේ 2.1.3 වගන්තිය, 2.4.2 වගන්තිය, 2.4.3 වගන්තිය, 2.4.4 වගන්තිය සහ 2.4.5 වගන්තිය උල්ලංඝනය කළ බවට විමර්ශනවලදී තහවුරු වී තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...