ඉන්දීය ආරම්භක පිතිකරුට පළමු තරගය අහිමි වීමේ අවධානමක්

Date:

ඉන්දීය ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් පාදයක ආබාධයකට ලක්ව තිබෙනවා.

ඒ, හේතුවෙන් ඔහුට එංගලන්තය සමග ලබන මස ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වීමේ අවධානමක් මතුව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ආබාධය සිදුව ඇත්තේ ඔහුගේ කුමන පාදයේ ද? කවදාද? සහ කොහේදිද? යන කරුණු මෙතෙක් මාධ්‍යයට අනාවරණය වී නැහැ.

මේ වන විට ඉන්දීය ක්‍රීඩකයින් සති 3ක විවේක කාලයක් ගත කරමින් සිටින අතර, ඔවුන් සියලු දෙනා ලබන 15 වනදා ඩර්හැම්හී දී යළි එක්වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු 4 වැනිදා ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...