සෑම්ට කොරෝනා නැති බව හෙළි වෙයි

Date:

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක සෑම් කරන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

ඊයේ(2) දහවල් ඔහුගෙන් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමෙන් පසුව නිකුත් කෙරුණු වෛද්‍ය වාර්තාවලින් ඒ බව අණාවරණය වී ඇති බව සදහන්.

කෙසේ වෙතත්, ඔහු එළඹෙන ඉරිදා සෙසු ක්‍රීඩකයින් සහ සහාය කාර්යය මණ්ඩළ නිළධාරීන් සමග කොරෝනා සම්බන්ධ තවත් වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතයි.

ඔහු පසුගිය බදාදා රාත්‍රී කාලයේ දී අසනීප තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් තවදුරටත් ස්වයං නීරෝධායනයට ලක් කර තිබෙනවා.

ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින හෝටලයේ පිහිටි ඔහුගේ කාමරය තුළ මෙලෙස සෑම් කරන් ස්වයං නීරෝධායනයට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එංගලන්ත සංචිතයේ ක්‍රීඩකයින් අතර මේ දිනවල සවුත්හැම්ටන්හි පැවැත්වෙන තෙදින පුහුණු ක්‍රිකට් තරගය සදහා ඔහු පළමු දිනයේ දී ක්‍රීඩා කළ නමුත් අසනීප තත්ත්වය හේතුවෙන් දෙවන දිනයේ දී සහ තෙවන දිනයේ දී ක්‍රීඩා කිරීමට එක් වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...