ෂැනොන් ගැබ්‍රියල් 11න් 14ට කැදවයි

Date:

එංගලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ෂැනොන් ගැබ්‍රියල් කැදවා තිබෙනවා.

ඔහු මේ වන විටත් එංගලන්ත තරග සංචාරයට එක්ව සිටින නමුත්, ඔහුව නම් කර තිබුණේ අතිරේක ක්‍රීඩකයින් 11 දෙනාගේ සංචිතයටයි.

එංගලන්ත තරග සංචාරයට අදාළ කොදෙව් ප්‍රධාන සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත් වූ අතර, අතිරේක ක්‍රීඩකයින් 11 දෙනෙකු ද සංචාරයට නම් කෙරුණා.

කෙසේ වෙතත්, ෂැනොන් ගැබ්‍රියල් සිය ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පවතින බවට සනාථ කිරීමෙන් පසුව මෙලෙස ප්‍රධාන සංචිතයට නම් කර ඇති බව සදහන්.

ඔහු පසුගිය වසරේ දී වළලුකර ප්‍රදේශයේ ශල්‍යකර්මයකට ලක් කෙරුණු අතර, පසුව සැප්තැම්බර් මාසයේ සිට ඔහු මෙතෙක් කිසිදු පළමු පෙල තරගයකට ක්‍රීඩා කර නැහැ.

නමුත් එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් මැන්චෙස්ටර්හි පැවැති පුහුණු තරග දෙකේ දී ෂැනොන් ගැබ්‍රියල් කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුණා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජූලි 8 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...