ඉන්දියාට එරෙහි ජෛව බුබුලට ඇතුළත් කළ ක්‍රීඩකයින් ගණන 13 ඉක්මවයි

Date:

එළඹෙන ඉන්දීය තරගාවලි වෙනුවෙන් පුහුණුවීම් කටයුතු සිදු කිරීම සදහා කොළඹ ප්‍රධාන හෝටලක ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළත් කෙරුණු ක්‍රීඩකයින් ගණන මේ වන විට 13 දෙනෙකුට වැඩි බව වාර්තා වනවා.

කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩකයින් එම කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම යළිත් ප්‍රතික්ෂේප කළහොත් මෙම ක්‍රීඩකයින් එම තරගාවලි සදහා නම් කිරීමේ අරමුණින් ඔවුන් මෙලෙස ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළත් කර ඇති බව සදහන්.

අප ඊයේ(30) දිනයේ දී ඔබට තොරතුරු වාර්තා කළේ අශාන් ප්‍රියන්ජන්, අසේල ගුණරත්න, ඇන්ජෙලෝ පෙරේරා, සදුන් වීරක්කොඩි, මිලින්ද සිරිවර්ධන, ඩිල්ෂාන් මුණවීර, චතුරංග ද සිල්වා, රොෂේන් සිල්වා, ප්‍රභාත් ජයසූරිය සහ ලහිරු මධුෂංක යන ක්‍රීඩකයින් 10 දෙනා අදාළ ජෛව ආරක්ෂිත බුබුලට ඇතුළත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, ඔවුන්ට අමතරව ළහිරු ගමගේ, මාලින්ද පුෂ්පකුමාර සහ ජෙෆ්රි වැන්ඩර්සේ යන ක්‍රීඩකයින් ද බුබුලට මේ වන විට ඇතුළත් කර ඇති බව ක්‍රීඩා මාධ්‍යවේදී ධනුෂ්ක අරවින්ද මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළා.

නමුත්, කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩකයින් විසින් කොන්ත්‍රාත් අත්සන් කිරීමේ ක්‍රියාවලිය ගැටලුවකින් තොරව සිදු වුවහොත් ජෛව ආරක්ෂිත බුබුලට මෙලෙස ඇතුළත් කර ඇති ක්‍රීඩකයින්ට ඉන්දීය තරගාවලි ක්‍රීඩා කිරීම සදහා අවස්ථාවක් හිමි නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, 20යි 20 තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවලදීයි.

සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...