ඔස්ට්‍රේලියාවට නව සහාය පුහුණුකරුවන් දෙදෙනෙක්

Date:

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සදහා නව සහාය පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.

Michael Di Venuto හා Jeff Vaughan මෙලෙස පත් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔවුන් දෙදෙනා ඉදිරි ගිම්හාන තරග වාරය අරමුණු කර ගනිමින් ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර්ගේ පුහුණු කාර්යය මණ්ඩලය සමග මෙම වසර අවසානයේ දී එක් වනු ඇති.

Di Venuto මේ වන විට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සමග කොදෙව් දූපත්හි රැදී සිටින අතර, ඔහු 2013 වසරේ දී කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

2016 වසරේ ඉන්දියාවට එරෙහි 20යි 20 තරගාවලියකදී කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කර තිබුණා.

Michael Di Venuto හා Jeff Vaughan දෙදෙනාම මේ වන විට 47 හැවිරිදි වියේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...