සුපිරි ශතකයෙන් පසු ප්‍රහාරාත්මක පිතිකරුවා ශ්‍රී ලංකාවට එරෙහිව කැදවයි

Date:

එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු ටොම් බැන්ටන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සදහා කැදවා තිබෙනවා.

ඒ, එංගලන්ත ප්‍රාන්ත 20යි 20 තරගාවලියේ දී සමර්සෙට් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

බැන්ටන් පසුගිය 28 වනදා කෙන්ට් කණ්ඩායමට එරෙහි තරගයේ දී පන්දු 51කින් ලකුණු 107ක් නොදැවී රැස් කළා.

ඔහුගේ ඉනිම හයේ පහර 7කින් සහ හතරේ පහර 8කින් වර්ණවත් වී තිබුණා.

දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස අද(1) පැවැත්වෙන අතර, තෙවන හා අවසන් එක්දින තරගය ලබන 4 වනදා බ්‍රිස්ටල් හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...