අද තරගයට අවිශ්ක, ඕෂද, ධනංජය ක්‍රීඩා කරයිද ? පිළිතුර මෙන්න

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම  අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද  (01) මෙරට වේලාවෙන් පස්වරු 5.30 ට ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාපිටියේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම ක්‍රීඩාංගනයේ මෙතෙක් පැවති තරග වාර්තා අනුව අද තරගයේදී ලැබෙන තණතීරුව පිතිකරුවන්ට වඩා යෝග්‍ය තණතීරුවක් වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

තරගය සදහා අයහපත් කාළගුණයෙන් ද බලපෑමක් එල්ල නොවනු ඇති බවට අනාවැකි පලව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලිය ද පරාජයට පත් නොවීමටනම් අද තරගය ජය ගැනීම අනිවාර්යයි.

මෙම තරගාවලිය ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට ද අයත් වන බැවින් ශ්‍රී ලංකාවට මෙම තරගවල ජයග්‍රහනයන් අතිශය වැදගත්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුසල් ජනිත් පෙරේරා මේ වන විටත් බොහෝ අර්බුද රැසකට මුහුණ දී සිටින බව නොරහසක්.

විනය විරෝධී ක්‍රියාකලාපයන් හේතුවෙන් කණ්ඩායමේ සිටි අත්දැකීම් සහිත ක්‍රීඩකයින් තිදෙනෙකු වන කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ දනුෂ්ක ගුණතිලක යන පිතිකරුවන් තාවකාලික තරග තහනමකට යටත්ව යළි මෙරටට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ ආරම්භක පිතිකරුවෙකු වන අවිශ්ක ප්‍රනාන්දුට නිමා වූ විස්සයි විස්ස තරගාවලිය අතරතුර සිදු වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඉදිරි එක්දින තරග දෙක ද මගහැරී යනු ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රථම එක්දින තරගයයේදී ධනංජය ද සිල්වා සහා ඕෂද ප්‍රනාන්දු යන පිතිකරුවන් දෙදෙනා ද තේරීම් සදහා සළකා බැලුණේ නැහැ.

ආබාධයක් හේතුවෙන් ධනංජය ද සිල්වාට එම තරගය මගහැරී තිබූ අතර ඕෂද ප්‍රනාන්දුට අසනීප තත්ත්වයක් හේතුවෙන් එම තරගය අහිමි වුණා.

ඕෂද ප්‍රනාන්දු තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති බවයි වාර්තා වන්නේ.

ධනංජය ද සිල්වාගේ සහභාගීත්වය සම්බන්ධයෙන් ද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව සදහන්.

ඔහුට මෙම තරගය ද අහිමිවී ගියහොත් පෙර තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමම අද තරගයටත් ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට යොදාගැනීමට හැකියාව පවතින්නේ නිත්‍ය පිතිකරුවන් තිදෙනෙකු පමණයි.

නවක ක්‍රීඩකයින් වැඩි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වුවත් අවසන් තරගයේදී ලෝක ශූර එංගලන්ත කණ්ඩායමට ලබාදුන් සටන බොහෝ දෙනෙකුගේ වැඩි පැසසුමට ලක්ව තිබුණු ආකාරයක් ද දක්නට ලැබුණා.

තවමත් ශ්‍රී ලංකා නවක පිතිකරුවන්ට දක්ෂතා අතරට පැමිණිමට හැකියාව නොලැබී ඇති අතර, අද පැවැත්වෙන තරගයේදී හෝ ඔවුන් ලකුණු අතරට පිවිසෙනු ඇතැයි ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුවෙන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...