ක්‍රීඩකයින් 10 ක් ඉන්දීය තරගාවලිය වෙනුවෙන් ජෛව ආරක්ෂිත බුබුලකට

Date:

එළඹෙන ඉන්දීය තරගාවලිය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙකු පමණ මේ වන විට ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළත්ව ඇති බව වාර්තා වනවා.

ඔවුන් ඉන්දීය එක්දින සහ 20යි 20 තරගාවලි සදහා වන ශ්‍රී ලංකා මූලික සංචිතයට ඇතුළත්ව ඇති බැවින් මෙලෙස ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බුබුලට ඇතුළත් වීම සදහා හිටපු නායකයින් වන දිමුත් කරුණාරත්නට සහ ඇන්ජෙලෝ මැතිව්ස්ට මෙතෙක් ඇරයුම් කර නොමැති බව newswire වෙබ් අඩවිය සදහන් කළා.

කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා ඉන්දීය තරගාවලි සදහා කැදවීමට බොහෝ දුරට ඉඩ පවතිනවා.

ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ කිසිදු ක්‍රීඩකයෙකු මෙම ක්‍රීඩකයින් 10 දෙනා අතරට ඇතුළත්ව නැහැ.

අශාන් ප්‍රියන්ජන්, අසේල ගුණරත්න, ඇන්ජෙලෝ පෙරේරා, සදුන් වීරක්කොඩි, මිලින්ද සිරිවර්ධන, ඩිල්ෂාන් මුණවීර, චතුරංග ද සිල්වා, රොෂේන් සිල්වා, ප්‍රභාත් ජයසූරිය සහ ලහිරු මධුෂංක යන ක්‍රීඩකයින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මෙලෙස ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළත් වී ඇති බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, 20යි 20 තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවලදීයි.

සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...