දුෂ්මන්ත ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 41කින් ඉදිරියට; ටෙස්ට් කිරුළ යළි විලියම්සන්ට

Date:

නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පිතිකරණ අංශයේ පළමු ස්ථානය යළි තහවුරු කර ගැනීමට නවසීලන්ත නායක කේන් විලියම්සන් සමත් වී තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී ඉන්දියාවට එරෙහිව රැස් කළ ලකුණු 49 සහ 52* හේතුවෙන් ඔහු එලෙස යළි ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණට පැමිණ ඇත්තේ මෙතෙක් පෙරමුණේ පසු වූ ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් සිමිත් දෙවැනි ස්ථානයට පත් කරමින්.

විලියම්සන් අභිබවා ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට ස්ටීවන් ස්මිත් සමත්වුණේ මීට සති දෙකකට පෙරයි.

රෝස් ටේලර් ද 14 වන ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණ ඇති අතර,  නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ජමිසන් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 13 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ට්‍රෙන්ට් බෝල්ට් 11 වන ස්ථානය දක්වා ස්ථාන 2කින් ඉදිරියට පැමිණ ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

ඉන්දීය පිතිකරු අජින්කෙයා රහානේ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 13 වන ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පිතිකරුවන් අතර 13 වන ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කොදෙව් පිතිකරු එවින් ලුවිස් සමත්ව ඇති බව සදහන්.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 43 වන ස්ථානය දක්වා ස්ථාන 41කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

එංගලන්තයේ ක්‍රිස් ජෝර්ඩන් 11 වන ස්ථානය දක්වා ස්ථාන 5කින්ද, මාර්ක් වුඩ් 14 වන ස්ථානය දක්වා ස්ථාන 11කින් ද ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...