එක්දින තරගාවලියට පෙර තවත් ක්‍රීඩකයෙක් ආබාධයකට ලක් වෙයි

Date:

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ද ආබාධයකට ලක්වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට එංගලන්තයට එරෙහිව අද පැවැත්වෙන පළමු එක්දින තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ද දෙවැනි 20යි 20 තරගයේ දී ආබාධයකට ලක්වීම නිසා ඔහුට ද එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව සදහන්.

ජෛව ආරක්ෂිත බුබුලට අදාළ නීති රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක ද මේ වන විට මෙරටට කැදවා තිබෙනවා.

ඒ අනුව එංගලන්ත සංචාරයට එක් වූ ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් යුත් සංචිතය අතරින් අද තරගය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමට බොහෝ විට සිදු වන්නේ ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන්.

නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට අද තරගයේ දී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වනු ඇති.

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ චරිත් අසලංක ද අද දිනයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔහුගේ 24 වන උපන් දිනය ද අදට යෙදී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...