තාවකාලිකව ක්‍රිකට් තහනම් වූ තිදෙනා දිවයිනට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක අද(29) දහවල් දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ, එංගලන්ත තරග සංචාරයේ දී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට තීරණය කිරීම හේතුවෙන්.

දිවයනට පැමිණි ක්‍රීඩකයින් තිදෙනා මීගමුව ප්‍රදේශයේ හෝටලයකදී දින 14ක් නිරෝධායනයට ලක් කෙරෙනු ඇති.

ඔවුන් තිදෙනා ඩර්හැම් නුවර රාත්‍රී කාලයේ දී මාර්ගයක ගමන් කරන ආකාරය ඇතුළත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර, ඉන් අනතුරුවයි ඒ පිළිබද විමර්ශන ආරම්භ කෙරුණේ.

විමර්ශන අවසන් වන තුරු ඔවුන්ට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනම පනවා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...