T20 ලෝක කුසලානයේ ආරම්භක දිනය තවමත් ස්ථීර කර නැහැ : ගංගුලි

Date:

ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට තීරණය කළේ සියලු පාර්ශවකරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබද සැළකිල්ලට ගෙන බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි පවසනවා.

පී.ටී.අයි පුවත් සේවය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කළේ ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 වනදා ආරම්භ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්විමට නියමිත බවට මීට පෙර තොරතුරු වාර්තා වුණා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද එක්සත් අරාබියේ දී පැවැත්වීමට නියමිත අතර, එය අවසන් වී දින කිහිපයකින් ලෝක කුසලානය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

අයි.පී.එල් තරගාවලිය සැප්තැම්බර් 19 වනදා සිට ඔක්තෝම්බර් 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති බව සදහන්.

ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබියේ දී පැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය ඊයේ(28) ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත නිල වශයෙන් දන්වා තිබුණා.

මේ වන විට පවතින සැලසුම්වලට අනුව ලෝක කුසලානයේ පළමු වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වීමට ඉඩ ඇති බව සදහන්.

ශ්‍රී ලංකාව ද ක්‍රීඩා කරන පළමු වටයට තරග 12ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...