අර්බුද රැසක් මැද සුපර් ලීගයේ දෙවැනි ජය අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව අද තරග බිමට

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(29) පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ඩර්හැම්හි චෙස්ටර් ලී ස්ට්‍රීට්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් තරගාවලියක්.

තරග 9කදී ප්‍රසාද ලකුණු 40ක් (ජයග්‍රහන4ක්) ලබා ඇති එංගලන්තය සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර, තරග 6කදී ප්‍රසාද ලකුණු 8ක් (එක් ජයක්) හිමි කර ගෙන ඇති ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ (13) පසුවනවා.

තාවකාලික ක්‍රිකට් තහනම හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට මෙම එක්දින තරගාවලිය අහිමි වී ඇති බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස නායක කුසල් ජනිත් සමගින් පැතුම් නිස්සංක කටයුතු කිරීමට ඉඩ තිබෙනවා.

ඒ, ආරම්භක පිතිකරුවෙකු වන අවිශ්ක ප්‍රනාන්දු ද ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

අද තරගයේ දී චරිත් අසලංක ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට ද වැඩි සම්භාවිතාවක් පවතින අතර, නායක කුසල් ජනිත් පෙරේරා ඊයේ(28) පැවැති මාධ්‍ය හමුවකදී ද ඒ සම්බන්ධයෙන් ඉගි පල කළා.

එංගලන්තයට මෙම තරගාවලියේ දී හෝ යම් අභියෝගයක් එල්ල කිරීමටනම් ශ්‍රී ලංකා පිතිකරුවන් සිය වගකීම් නිසි පරිදි ඉටු කිරීම අනිවාර්යය කරුණක්.

ශ්‍රී ලංකා කණ්ඩායම චෙස්ටර් ලී ස්ට්‍රීට්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගනයේ දී අවසන් වරට එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කළ තරග දෙකම (2006 හා 2014 වසරවලදී) ජය ගෙන ඇති අතර, 2019 ලෝක කුසලාන තරගාලියේ දී කොදෙව් කණ්ඩායම ද මෙම ක්‍රීඩාංගනයේ දී පරාජයට පත් කිරිමට සමත් වුණා.

මෙම තරගය සදහා අයහපත් කාළගුණයෙන් කිසිදු බලපෑමක් එල්ල නොවනු ඇති බවටයි අනාවැකි පලව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...