24 ක් සිටි ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයන් 20 දෙනෙකුට අඩු වෙයි

Date:

එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති 20යි 20 තරගාවලිය පසුගියදා නිමාව දුටුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි කලු පැල්ලමක් එක්කරමින්.

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉතාමත් දුර්වල පිතිකරණ විලාශය හමුවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සිදු වුණේ 0-3ක් ලෙස අමිහිරි තරගාවලි පරාජයක වේදනාව විදදරා ගැනීමටයි.

මෙම තත්වය යටතේ වඩාත් සංවේදී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත සිය විරෝධය පෙන්වීම සදහා විවිධ පියවර ගෙන තිබූ බව සමාජ මාධ්‍ය පරිශීලකයන් හට දැකගැනීමට හැකි වුණා.

කෙසේ නමුත්, එම පරාජයේ උණුසුම පහව යාමටත් පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු ජෛව ආරක්ෂිත බුබුලේ නීති රීතී උල්ලංගනය කරමින් විනය විරෝධී අයුරින් හැසිරෙන ආකාරය ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්ති නාමය තවදුරටත් පහතට ඇද දමමින්.

මෙයට ද ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගෙන් එල්ල වුණේ දැඩී විරෝධයක්.

ඊට පෙරලා සෘජු ප්‍රතිචාරයක් දැක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන එම ක්‍රීඩකයන් තිදෙනාම යළි මෙරටට ගෙන්වා ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

පරීක්ෂණ අවසන් වන තුරු ඔවුන්ට තාවකාලික ක්‍රිකට් තහනමක් ද පනවා තිබෙනවා.

ඒ අනුව එංගලන්තයට එරෙහිව හෙටින්(29) ආරම්භ වන එක්දින තරගාවලිය සදහා එම ක්‍රීඩකයන් තිදෙනාට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ.

එමෙන්ම දෙවන 20යි 20 තරගය අතරතුර දී ආබාධයකට ලක්වූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට ද තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී යනු ඇති බවටයි වාර්තා වුණේ.

ඒ අනුව එංගලන්ත සංචාරයට එක් වූ 24 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මේ වන විට ක්‍රීඩකයන් 20 දෙනෙකු දක්වා අවම වී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතයේ ඉතිරිව සිටින ක්‍රීඩකයන් 20 දෙනා –

Kusal Janith Perera (c), Pathum Nissanka, Dhananjaya De Silva, Oshada Fernando, Charith Asalanka, Dasun Shanaka, Wanindu Hasaranga, Ramesh Mendis, Chamika Karunaratne , Dhananjaya Lakshan, Ishan Jayaratne, Dushmantha Chameera, Isuru Udana, Asitha Fernando, Nuwan Pradeep, Binura Fernando, Shiran Fernando, Lakshan Sandakan, Akila Dananjaya, Praveen Jayawickrama

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...