ඉන්දීය කණ්ඩායම දිවයිනට

Date:

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද(28) පස්වරුවේ දිවයිනට පැමිණියා.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිත අතර, ශිකර් දවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ දැල් පන්දු යවන්නන් 5 දෙනෙකු ඇතුළත්.

සති 4ක කාලයක් ඉන්දීය කණ්ඩායම මෙරට රැදී සිටීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙම තරග සංචාරයේ දී රාහුල් ඩ්‍රාවිඩ් කටයුතු කරනවා.

ඉන්දීය ටෙස්ට් සංචිතය එංගලන්ත සංචාරයක නිරතව සිටින බැවිනුයි ඉන්දියාව මෙම තරග සංචාරය සදහා නවක ක්‍රීඩකයින් බහුල කණ්ඩායමක් නම් කර ඇත්තේ.

ඉන්දීය ක්‍රීඩකයින් ජූලි 1 දක්වා හෝටල් කාමර තුළම නිරෝධායනට ලක් කෙරෙන අතර, අනතුරුව ඉන්දීය කණ්ඩායමට ජූලි 2-4 කාලයේ දී නිරෝධායනයට ලක් වන අතරතුරම පුහුණුවීම් සදහා ද එක්වීමේ අවස්ථාව හිමි වනු ඇති.

ජූලි 5-12 අතර කාලයේ දී නිරෝධායනයකින් තොරව පුහුණුවීම් කටයුතු සිදු කළ හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඉන්දීය සංචිතයේම ක්‍රීඩකයින් අතර පුහුණු තරග ද සංවිධාන කිරීමට නියමිතයි.

එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, 20යි 20 තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවලදීයි.

සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ALSO READ : අපි යන්න‍ෙ තරගාවලිය ජය ගැනීමේ අරමුණින් : රාහුල් ඩ්‍රාවිඩ් ලංකාවට එන්න කළින් කියූ දේ

India’s squad:

Shikhar Dhawan (C), Prithvi Shaw, Devdutt Padikkal, Ruturaj Gaikwad, Suryakumar Yadav, Manish Pandey, Hardik Pandya, Nitish Rana, Ishan Kishan (Wk), Sanju Samson (Wk), Yuzvendra Chahal, Rahul Chahar, K Gowtham, Krunal Pandya, Kuldeep Yadav, Varun Chakravarthy, Bhuvneshwar Kumar (Vc), Deepak Chahar, Navdeep Saini, Chetan Sakariya

Net Bowlers:

Ishan Porel, Sandeep Warrier, Arshdeep Singh, Sai Kishore, Simarjeet Singh

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...