“කිසිදු ලිපියක් අපිට ක්‍රීඩා ඇමති එවලා නැහැ – කිසිදු සාක්ෂියකුත් නැහැ – ICC

Date:

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බව අයි.සී.සී දුෂණ මර්දන ඒකකය පවසනවා.

එහි සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ICC දුෂණ මර්දන ඒකකය වෙත ලිපියක් එවූ බවට ප්‍රකාශ කර සිටිය ද එවැනි ලිපියක් මේ දක්වා ලැබී නොමැති බවයි හෙතෙම කියා සිටියේ.

2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පිළිබද කිසිදු සැකයක් නොමැති බව ද සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියා.

“මෙම තරගය හෝ වෙනත් ඕනෑම තරගයකදී දුෂණ සිද්ධියක් සිදුව ඇති බවට තොරතුරු ඇත්නම් අයි.සී.සී දුෂණ මර්දන ඒකකය වෙත ඒවා ලබා දෙන්න”

යනුවෙන් ඇලෙක්ස් මාෂල් වැඩිදුරටත් සදහන් කළා.

ක්‍රිකට් පුවත් එසැණින් දැන ගැනීමට hitwicket.lk අපගේ ෆේස්බුක් පිටුව සමගින් මෙතැනින් එක්වන්න 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...