මැක්ස්වෙල් ‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලියට බෑ කියයි

Date:

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් ද මෙවර ‘ද හන්ඩ්‍රඩ්’ හෙවත් පන්දු සියයේ තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

එංගලන්තයේ දී මෙවර පළමු වරට සංවිධාන කර ඇති අදාළ තරගාවලියේ දී ඔහු ක්‍රීඩා කිරීමට නියමිතව සිටියේ London Spirit කණ්ඩායම සදහායි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ තරග සංචාරවලින් ද ඉවත් වීමටයි පසුගියදා මැක්වෙල්ස් තීරණය කළේ.

ඔහු වෙනුවට ඕස්ට්‍රේලියානු පළමු පෙල ක්‍රීඩකයෙකු වන Josh Inglis සිය කණ්ඩායමට එක් කර ගැනීමට ලන්ඩන් කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

පුහුණුකරු ශේන් වෝර්න් මේ බව මාධ්‍ය වෙත තහවුරු කළා.

මීට පෙර ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සහ මර්කස් ස්ටොයිනිස් ද මෙවර තරගාවලියෙන් ඉවත් වූ අතර, ඔවුන් වෙනුවට නවසීලන්තයේ ඩෙවෝන් කොන්වේ සහ දකුණු අප්‍රිකාවේ ක්වෙන්ටන් ඩී කොක් සදර්න් බ්‍රේව් කණ්ඩායම (Southern Brave) සමග පසුගියදා ගිවිසුම් අත්සන් කළා.

“ද හන්ඩ්‍රඩ්” තරගාවලිය ජූලි 21 වනදා සිට අගෝස්තු 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...