එයාලා 1, අපි 9, ඔබට වෙනස දැකිය හැකියි : මිකී ආතර්

Date:

එංගලන්ත තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට සිදුව ඇත්තේ විශිෂ්ඨ පන්දු යැවීමේ බලඇණියකට එරෙහිව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් පවසනවා.

BBC ලෝක සේවය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේ පිට පිට රාත්‍රී දෙකක් තුළ දී ශ්‍රී ලංකාව 20යි 20 තරගාවලිය පරාජයට පත් වීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් ඉවසීමෙන් පසු වීම වැදගත් බව ඔහුගේ අදහසයි.

ශ්‍රී ලංකාව මේ වන විට අවසන් වරට ක්‍රීඩා කළ 20යි 20 තරග 12න් තරග 11ක්ම පරාජයට පත්ව අවසන්.

පිතිකරුවන්ගේ දුර්වලතා එම බොහෝ පරාජයන්ට හේතු වූ බව නොරසහක්.

“නැවතත් ප්‍රමාණවත් තරම් ලකුණු නැහැ” යනුවෙන් මිකී ආතර් සදහන් කළා. “අපි ඇවිත් ඉන්නේ හොද පන්දු යැවීමේ බලඇණියකට එරෙහිව. ඔවුන් ශ්‍රේණිගත කිරීම්හි ලෝකයේ අංක 1, අපි ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි තැන; සහ ඔබට දැකිය හැකියි වෙනස.  අපි තරුණ කණ්ඩායමක් එක්ක ගමනක් ආරම්භ කරලා තියෙනවා.”

ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයන් තුළ දක්ෂතා දැක්විය හැකි හොද පිතිකරණ ලැයිස්තුවක් ශ්‍රී ලංකාව සතු බවත්, ඔවුන් විදෙස් රටවලදී දක්ෂතා අතරට පැමිණීම වැදගත් බවත්, මෙහිදී ශ්‍රී ලංකා පුහුණුකරු පෙන්වා දුන්නා.

පිතිකරුවන් ක්‍රියාශීලීවීම වැදගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ශ්‍රී ලංකා කණ්ඩායම දියාරු පිතිහරඹයක නිරත වෙමින් සිටිය ද පන්දු යවන්නන් යම් සාර්ථකත්වයක් දක්වමින් සිටින බවක් දක්නට ලැබෙනවා.

එමෙන්ම පන්දු රැකීම ද මේ වන විට ඉතා ඉහළ මට්ටමක පවතින බව නොරහසක්.

“මම හිතුවෙ අපි හොදින් පන්දු යැව්වා. අපේ පන්දු රැකීම වෙනත් මට්ටමකට ගිහිං තියෙනවා.” යනුවෙන් මිකී ආතර් කියා සිටියා. “අපගේ පන්දු යැවීමේ අංශය ගැන අපි අතිශයින් සතුටට පත්වෙනවා. අපිට ආබාධවලට ලක් වූ ක්‍රීඩකයින් දෙදෙනෙකුත් (කසුන් රාජිත සහ ළහිරු කුමාර) තව ඉන්නවා. ඔවුන්වත් ලැබුණම අපි ශක්තිමත්”

දෙරට අතර පැවැත්වෙන තෙවන හා අවසන් 20යි 20 තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7ට සවුත්හැම්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...