යුනිස් ඛාන් පාකිස්තාන පිතිකරණ පුහුණුකරු තනතුරෙන් ඉවත් වෙයි

Date:

පාකිස්තාන ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු යුනිස් ඛාන් සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඉල්ලා අස්වීමට හේතුව සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සහ යුනිස් ඛාන් වැඩිදුර කරුණු පැහැදිලි කිරීමක් සිදු කර නැහැ.

නමුත්, පාකිස්තාන ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී වසීම් ඛාන් සදහන් කළේ දීර්ඝ සාකච්ඡාවලින් පසුව අකමැත්තෙන් වුවත් අදාළ තීරණයට දෙපාර්ශවයම අන්‍යෝන්‍ය වශයෙන් එකග වූ බවයි.

ඒ අනුව එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා පාකිස්තාන කණ්ඩායම පිතිකරණ පුහුණුකරුවෙකු නොමැතිව පිටත්ව යන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද(22) නිවේදන කළා.

කෙසේ වෙතත්, එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සදහා පිතිකරණ පුහුණුකරුවෙකු පසුව නම් කරන බව ද එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

හිටපු පාකිස්තාන නායකයෙකු වන යුනාස් ඛාන් පසුගිය නොවැම්බර් මාසයේ දී අදාළ ධූරයට පත් කරනු ලැබුවේ වසර දෙකක කාලයක් සදහායි.

එනම් 2022 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ඔහු එරට පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබුණා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...