මහරාජ්ගේ කඩුලු ත්‍රිත්වයත් සමග තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට

Date:

කේෂාව් මහරාජ් දවා ගත් කඩුලු ත්‍රිත්වයෙන් ද සවිමත් වෙමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් තරගයෙන් ලකුණු 158ක ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. තරගයේ සිව්වන දිනයේ දී ඔවුන් සිය ජය වාර්තා කළ අතර, ඒ අනුව තරගාවලියේ ජය ද දකුණු අප්‍රිකාවට හිමි වුණේ තරග 2-0ක් ලෙසයි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් දෙවැනි පන්දු යවන්නා ලෙස මහරාජ් මෙම තරගයේ දී ඉතිහාසගත වුණා. වසර 60කටත් වැඩි කාලයකට පසුවයි දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකදී ක්‍රීඩකයෙකු එලෙස කඩුලු ත්‍රිත්වයක් දවා ගනු ලැබුවේ. කොදෙව් දෙවැනි ඉනිම අඩපන කළ ඔහු ලකුණු 36කට කඩුලු 5ක් දවා ගත්තා.

කාගිසෝ රබාඩා ද කඩුලු 3ක් දවා ගත් අතර, ඒ අනුව තරගය ජය ගැනීම සදහා ලකුණු 324ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට සිය දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 165ක් පමණයි.

කිරන් පවෙල් ලකුණු 51ක් සහ කයිල් මේයර් ලකුණු 34ක් රැස් කළා.

මහරාජ් සිය කඩුලු ත්‍රිත්වය සදහා ගොදුරු කර ගත්තේ කිරන් පවෙල්, ජේසන් හෝල්ඩර් සහ ජොෂුවා ද සිල්වා යන පිතිකරුවන්.

ශාන්ත ලුසියාහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව්වන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 298ක් රැස් කළා.

අනතුරුව සිය පළමු ඉනිම වෙනුවෙන් කොදෙව්වන් සියලු පිතිකරුවන් දැවී රැස් කළේ ලකුණු 149ක් පමණයි.

දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම ලකුණු 174කට සීමා වුණා.

තරගයේ වීරයා ලෙස කාගිසෝ රබාඩා ද තරගාවලියේ වීරයා ලෙස ක්වෙන්ටන් ඩී කොක් ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...