තිසරගේ තුන් ඉරියව් දක්ෂතා අපතේ යයි; කරච්චිය තරගාවලියෙන් ඉවතට

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක තිසර පෙරේරා නියෝජනය කරන කරච්චි කිංග්ස් කණ්ඩායමට මෙරට වේලාවෙන් අද(22) අලුයම අහිමි වුණා.

ඒ, අවසන් වටයේ දෙවැනි තරගයෙන් (Eliminator 1) ඔවුන් තියුණු සටනකින් පසුව පෙෂාවර් සල්මි කණ්ඩායම හමුවේ කඩුලු 5කින් පරාජයට පත් වීම හේතුවෙන්.

අබුඩාබිහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කරච්චි කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබා ගත්තේ තිසර පෙරේරා රැස් කළ වේගවත් ලකුණු 37න් ද සවිමත් වෙමින්.

පන්දු 18කදී ඔහු එම ලකුණු ප්‍රමාණය වාර්තා කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමගින්. බබාර් අසාම් ලකුණු 53(45)ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී වහබ් රියාස්, මොහොමඩ් ඉර්ෆාන් සහ උමයිද් අසීෆ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පෙෂාර් කණ්ඩායම පන්දුවාර 19.5ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ හස්රටුල්ලාහ් සසායි වේගවත් ලකුණු 77ක් රැස් කළේ පන්දු 38කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 10ක් සමගින්. ෂොයිබ් මලික් ලකුණු 30යි.

පන්දු යැවීමේ දී තිසර පෙරේරා පන්දුවාර 2ක් තුළ ලකුණු 10කට කඩුලු 2ක් බිද හෙලුවා.

මෙම ජයත් සමග පෙෂාවර් සල්මි කණ්ඩායම අවසන් වටයේ තෙවැනි තරගය සදහා සුදුසුකම් ලබා ගත් අතර, ඒ අනුව ඔවුන් අද(22) දිනයේ දී අවසන් වටයේ පළමු තරගයෙන් (Qualifier) පරාජයට පත් වූ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සමගින් තරග වදිනු ඇති.

ඊයේ පැවැති අවසන් වටයේ පළමු තරගයෙන් ලකුණු 31ක ජයක් වාර්තා කළ මුල්ටාන් සුල්ටාන් කණ්ඩායම මේ වන විටත් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා අවසන්.

අබුඩාබිහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුල්ටාන් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යුනයිටඩ් කණ්ඩායමට පන්දුවාර 19කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 149ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...