“අද උදේ මම දැනුම් දීලයි ආවෙ” – මහේල

Date:

තමා ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත අද පෙරවරුවේ පැමිණියේ පල වූ ඇතැම් අසත්‍ය මාධ්‍ය වාර්තා නිවැරැදි කිරීමේ අරමුණින් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා පවසනවා.

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහුට අද දින එහි පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත්, ඊයේ රාත්‍රීයේ දී විමර්ශන ඒකකය විසින් තමාට අද දින නොපැමිණෙන ලෙස දැනුම් දුන් නමුත්, තමාගේ පෞද්ගලික හේතුවක් මත අද දින එහි පෙනී නොසිටින බවට මාධ්‍ය වාර්තා පල වූ බව මහේල සදහන් කළා.

ඒ, විශේෂ විමර්ශන ඒකකයට අද දින පැමිණීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඒ අනුව තමා අද දින අදාළ ඒකකය හමුවේ පෙනී සිටීමට තීරණය කළ බවයි මහේල කියා සිටියේ.

හඩපට පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...