සෑම් කරන් ස්වයං නීරෝධායනයට

Date:

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක සෑම් කරන් ස්වයං නීරෝධායනයට ලක් කර තිබෙනවා.

ඒ, ඔහු බදාදා රාත්‍රී කාලයේ දී අසනීප තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන්.

එංගලන්ත සංචිතයේ ක්‍රීඩකයින් අතර මේ දිනවල සවුත්හැම්ටන්හි පැවැත්වෙන තෙදින පුහුණු ක්‍රිකට් තරගය සදහා ඔහු පළමු දිනයේ දී ක්‍රීඩා කළ නමුත් අසනීප තත්ත්වය හේතුවෙන් දෙවන දිනයේ දී ක්‍රීඩා කිරීමට එක් වූයේ නැහැ.

මේ වන විට ඔහුව ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේම ස්වයං නීරෝධායනයට ලක් කර ඇති බව සදහන්.

ඊයේ(2) පස්වරුවේ දී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පැවතුණ ද තෙදින පුහුණු තරගය සදහා සෑම් කරන් යළි එක් නොවන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කෙසේ වෙතත්, ඔහුට කොරෝනා වෛරසය වැළදීමේ අවධානමක් නොමැති බව බළධාරීන් පෙන්වා දෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...