සිව්වැනි දිනයත් වැස්සට යට වෙයි

Date:

ඉන්දියාව සහ නවසීලන්තය අතර සවුත්හැම්ටන්හි පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ සිව්වන දිනය අද(21) සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු වුණා.

ඒ, දිගින් දිගිටම පැවැති වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්.

වර්ෂාව හේතුවෙන් පළමු දිනය ද අතහැර දැමීමට සිදු වූ අතර, ඒ හේතුවෙන් 6 වැනි දිනටත් තරගය පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

අද දිනය ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වීමත් සමග මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමට වැඩි අවස්ථාවක් මේ වන විට නිර්මාණය වී තිබීම කනගාටුවට කරුණක්.

ඉදිරි දින දෙක තුළ දී තරගය ජය පරාජයකින් තොරව අවසන් වුවහොත්, නවසීලන්තය සහ ඉන්දියාව පළමු අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ සම ශූරයින් ලෙස ඉතිහාසගත වනු ඇති.

තරගයේ තෙවැනි දිනය ඊයේ නිමා වුණේ තරගයේ වැඩි ගෞරව නවසීලන්තයට හිමි කර දෙමින්. දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 101ක් ලබා සිටියා.

ඩෙවෝන් කොන්වේ ලකුණු 54ක් රැස් කළ අතර, ටොම් ලේතම් ලකුණු 30යි. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ලකුණු 70ක සබතාවයක් ගොඩ නැගුණා. කේන් විලියම්සන් නොදැවී ලකුණු 12යි.

ඒ අනුව නවසීලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 116ක්.

පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් සහ ඉෂාන්ට් ෂර්මා එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 217ක් පමණයි.

විරාට් කෝලි ලකුණු 44 ක් ලබා සිටියදී දැවී ගිය අතර, අජින්කෙයා රහානේ ලකුණු 49යි.

පන්දු යැවීමේ දී කයිල් ජමීසන් ලකුණු 31කට කඩුලු 5ක් දවා ගනිද්දී ට්‍රෙන්ට් බෝල්ට් සහ නෙයිල් වෑග්නර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...