ඩුසේන්ගේ සටන හමුවේ කොදෙව්වන්ට ලකුණු 324ක ඉලක්කයක්

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් තරගයේ තෙවැනි දිනය මෙරට වේලාවෙන් අද(21) අලුයම නිමා වුණා.

ඒ වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 324ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි කොදෙව්වන් කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 15ක් ලබා සිටියා.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 309ක් ලබා ගත යුතුයි.

දිනය ආරම්භයේ දී සිය දෙවැනි ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකාවට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 174ක් පමණයි.

ඔවුන්ගේ කඩුලු 7ක් ලකුණු 73කට බිද වැටුණු අතර, අනතුරුව රසී වැන් ඩර් ඩුසේන් සහ කාගිසෝ රබාඩා අතර 8 වන කඩුල්ල සදහා ලකුණු 70ක වටිනා සබදතාවයක් ගොඩ නැගුණා.

රබාඩා ලකුණු 40කට දැවී ගිය අතර, ඩුසේන් නොදැවී ලකුණු 75යි.

පන්දු යැවීමේ දී කෙමා රෝච් කඩුලු 4ක් බිද හෙලූ අතර, කයිල් මේයර්ස් කඩුලු 3ක් දවා ගත්තා.

ශාන්ත ලුසියාහී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව්වන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 298ක් රැස් කළා.

අනතුරුව සිය පළමු ඉනිම වෙනුවෙන් කොදෙව්වන් සියලු පිතිකරුවන් දැවී රැස් කළේ ලකුණු 149ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...