PSL අවසන් වටය අදින් ඇරඹේ

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග අද(21) ආරම්භ වනවා.

අවසන් වටයේ පළමු තරගය (Qualifier) පැවැත්වෙන්නේ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සහ මුල්ටාන් සුල්ටාන්ස් කණ්ඩායම අතරයි.

එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30ට අබුඩාබිහී දී ආරම්භ වීමට නියමිතයි.

ඉන් ජය ගන්නා කණ්ඩායම ලබන 24 වනදා පැවැත්වෙන අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

පරාජය වන කණ්ඩායම අවසන් වටයේ තෙවැනි තරගය (Eliminator 2) සදහා සුදුසුකම් ලබනු ඇති.

අවසන් වටයේ දෙවැනි තරගය (Eliminator 1) අද රාත්‍රී 11.30ට අබුඩාබිහී දී ආරම්භ වන්නේ පෙෂාවර් සල්මි සහ කරච්චි කිංග්ස් කණ්ඩායම් අතරයි.

ඉන් ජය ගන්නා කණ්ඩායම අවසන් වටයේ තෙවැනි තරගයට (Eliminator 2) සුදුසුකම් ලබන අතර, එහිදී ඔවුන් අවසන් වටයේ පළමු තරගයෙන් පරාජයට පත් වූ කණ්ඩායම සමග හෙට(22) දිනයේ දී තරග කිරීමට නියමිතයි.

එම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...