කෝලිගේ දශක සංවත්සරයදා ජමීසන්ගෙන් යොමු වූ අනර්ඝ පන්දුව

Date:

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ තෙවන දිනය අදයි(20).

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 217ක් පමණයි.

ඉන්දීය ප්‍රථම ඉනිමේ පළමු කඩුල්ල සදහා ලකුණු 62ක සබදතාවයක් ගොඩ නැගුණු නමුත්, මුල් කඩුලු 3 ලකුණු 88 ක් තුළ බිඳ වැටුණා.

රෝහිට් ෂර්මා ලකුණු 34කටත්, ෂුබ්මන් ගිල් ලකුණු 28කටත් දැවී ගිය අතර, චෙටස්වර් පුජාරා රැස් කළේ ලකුණු 8ක් පමණයි.

අනතුරුව සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 61ක සබදතාවයක් විරාට් කෝලි සහ අජික්කෙයා රහානේ අතර ගොඩ නැගුණා.

වැහිබර කාළගුණ තත්ත්වයත් සමග පන්දු යවන්නන්ට ඉතා යෝග්‍ය වූ අවස්ථාවක ඉතා සංයමයකින් යුතුව ඉනිම ආරම්භ කළ ඉන්දීය නායක විරාට් කෝලි මෙම ඉනිමේ දී සිය 71 වන ජාත්‍යන්තර ශතකය වාර්තා කරනු ඇතැයි බවට බොහෝ ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු දල්වා සිටියා.

ඒ, ඔහු ටෙස්ට් වරම් දිනා අදට වසර 10ක් සපිරීම නිමිත්තෙන් මෙන්ම ඔහු බොහෝ කලකින් ජාත්‍යන්තර ශතකයක් වාර්තා කිරීමට අපොහොසත් වී සිටීම හේතුවෙන්.

නමුත් ප්‍රේක්ෂකයින්ගේ එම බලාපොරොත්තු සුන් කරමින් අර්ධ ශතකය අසළදී කෝලිව දවාගැනීමට නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ජමීසන් සමත් වුණේ ඉනිමේ 68 වන පන්දුවාරයේදීයි.

කෝලි ඒ වන විට එක් හතරේ පහරක් පමණක් එල්ල කර ලකුණු 44 ක් ලබා ස්ථාවරව සිය ඉනිම ගොඩනගමින් සිටියේ පන්දු 132කට මුහුණ දෙමින්.

ජමීසන් යොමු කළ අනර්ඝ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනුයි කෝලිට යළි ක්‍රීඩාගාරය වෙත පිටව යාමට සිදු වුණේ.

වත්මන් ක්‍රිකට් යුගයේ ඉහළම ශතක සංඛ්‍යාවකට හිමිකම් කියන සුපිරි පිතිකරු විරාට් කෝලි සිය අවසන් ජාත්‍යන්තර ඉනිම 45 තුළ කිසිදු ශතකයක් වාර්තා කර නොතිබීම විශේෂත්වයක්.

රහානේ ලකුණු 49කට දැවී ගියා.

පන්දු යැවීමේ දී කයිල් ජමීසන් ලකුණු 31කට කඩුලු 5ක් දවා ගත්තා.

ට්‍රෙන්ට් බෝල්ට් සහ නෙයිල් වෑග්නර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...