විමර්ශන ඒකකයට පැමිණි මහේල ඉන් පිටව යයි

Date:

ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත අද පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා ප්‍රකාශයක් ලබා නොදීම ඉන් පිටව ගොස් තිබෙනවා.

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලවයි ඔහු අද එහි පෙනී සිටියේ.

මහේල අද එම ඒකකය හමුවේ පෙනී සිටියද ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය අද පෙරවරුවේ සදහන් කළේ මහේල ජයවර්ධනගෙන් අද දිනයේදී ප්‍රකාශයක් ලබා නොගන්නා බවයි.

ඔහුට අද දිනයේ දී පැමිණෙන ලෙසට මීට පෙර දන්වා තිබුණ ද අනතුරුව වෙනත් දිනයක් ලබාදීමේ බලාපොරොත්තුවෙන් අද දින ඔහුට නොපැමිණෙන ලෙස දැනුම් දුන් බව එම ඒකකය කියා සිටියා.

කෙසේ වෙතත්, News Wire වෙබ් අඩවිය වාර්තා කළේ මහේල ජයවර්ධනට ඒ පිළිබද නිල දැනුම් දීමක් සිදු කර නොතිබූ බවයි.

ALSO READ : “අද උදේ මම දැනුම් දීලයි ආවෙ” – මහේල

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...