ධනුෂ්කගේ සුපිරි ප්‍රහාරය කුසල් ජනිත්ගේ විශිෂ්ඨ ඉනිම හමුවේ අපතේ යයි

Date:

එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ දෙවැනි පුහුණු තරගය ඊයේ රාත්‍රියේ දී මැන්චෙස්ටර්හි Old Trafford ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

ශ්‍රී ලංකා සංචිතයේම ක්‍රීඩකයින් අතර 20යි 20 තරගයක් ලෙස පැවැති මෙම තරගය සදහා තරග වැදුණු කණ්ඩායම් දෙකට නායකත්වය දෙනු ලැබුවේ කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස් විසිනුයි.

වැඩි ලකුණු සංඛ්‍යාවක් වාර්තා වූ මෙම තරගයෙන් කුසල් ජනිත්ගේ කණ්ඩායමට කඩුලු 7ක විශිෂ්ඨ ජයක් හිමි වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ‘මෙන්ඩිස් කණ්ඩායම’ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4ක් දැවී ලකුණු 219ක් ලබා ගනිමින්.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක පන්දු 52කින් ලකුණු 98ක් රැස් කළ අතර, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 32(16)ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 42(31)ක් සහ දසුන් ශානක ලකුණු 30(20)ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 18කට එක් කඩුල්ලක් ද, චාමික කරුණාරත්න ලකුණු 36කට එක් කඩුල්ලක් ද, ඉසුරු උදාන ලකුණු 48කට එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කුසල් ජනිත්ගේ කණ්ඩායම පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. [220/3 (19.2 overs)]

ධනුෂ්කගේ ඉනිමට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 50කින් වේගවත් ලකුණු 95ක් වාර්තා කළා.

ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 50ක්(34) ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමටයි තීරණය කළේ.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 32(22)ක් සහ වනිදු හසරංග ලකුණු 25(10)ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු ලකුණු 34කට කඩුලු 2ක් දවා ගත් අතර, අකිල ධනංජය ලකුණු 40කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 23 වනදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...