වෙර්මාගේ ප්‍රහාරය හමුවේ ඉන්දියාවට යම් බලාපොරොත්තුවක්

Date:

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර බ්‍රිස්ටල්හි පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන හා අවසන් දිනය අදයි(19).

තෙවන දිනට(18) තරගය නතර කරන විට අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ද ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 83ක් ලබා සිටියා.

තෙවැනි දිනය සදහා වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් තේ පානයෙන් පසුව තරගය ආරම්භ කිරීමට ද හැකි වූයේ නැහැ.

පළමු ඉනිමේ දී ලකුණු 96කට දැවී ගිය ෂෆාලි වෙර්මා ඉන්දීය දෙවැනි ඉනිම ද ශක්තිමත් කරමින් නොදැවී ලකුණු 55(68)ක් ලබා කඩුල්ලේ රැදී සිටින්නේ එංගලන්ත ක්‍රීඩිකාවන්ට යම් පීඩනයක් එල්ල කරමින්.

ඇයගේ ඉනිමට හතරේ පහර 11ක් ඇතුළත්. දීප්ති ෂර්මා නොදැවී ලකුණු 18යි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ක්‍රීඩිකාවන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 396ක් ලබා සිටියදීයි.

අනතුරුව සිය පළමු ඉනිම සදහා ඉන්දියාවට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 231ක් පමණයි.

ඒ අනුව ඉන්දියාව මේ වන විට ඉනිමක පරාජයෙන් ගැළවීමටනම් තවත් ලකුණු 82ක් ලබා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...