චමරි අතපත්තු යළි BBL පිටියට

Date:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා යළි ගිවිසුම් ගත වී තිබෙනවා.

මෙවර ඇය ගිවිසුම් අත්සන් කර ඇත්තේ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම සමගයි.

මීට පෙර 31 හැවිරිදි චමරි අතපත්තු මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම සදහා බිග් බෑෂ් ලීග් තරගාවලියේ තෙවන හා 5 වැනි අදියර සදහා (2017/18 හා 2019/20) ක්‍රීඩා කළා.

එහිදී තරග 16කට ක්‍රීඩා කළ ඇය ඉනිම් 15කදී රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව 196ක්.

පන්දු යැවීමෙන් කඩුලු 4ක් දවා ගැනීමට ද චමරි සමත් වී තිබුණා.

ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 84ක් සහ 20යි 20 තරග 85ක් සදහා ක්‍රීඩා කළ අතර, එහිදී පිළිවෙලින් ලකුණු 2625ක් සහ 1646 ක් ලබා ගැනීමට සමත් වුණා.

ජාත්‍යන්තර තරගවලදී චමරි අතපත්තු බිද හෙලා ඇති කඩුලු ගණන 49ක්.

කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලිය මෙම වසර අවසානයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...