ස්මිත්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමේ අවධානමක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහ අලුබදුන තරගාවලිය සදහා ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත්ගේ සහභාගීත්වය මේ වන විට අවිනිශ්චිත වී තිබෙනවා.

ඒ, ඔහුගේ අතක වැලමිට ප්‍රදේශයේ ඇතිව තිබෙන ආබාධ තත්ත්වය හේතුවෙන්.

මෙම ආබාධය නිසා ඔහුට එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ තරග සංචාර ද අහිමි වී තිබෙනවා.

වැලමිටේ ආබාධය හේතුවෙන් ස්මිත් 2019 වසරේ දී ශල්‍යකර්මයකට ද මුහුණ දුන් අතර, අනතුරුව ඉතා සාර්ථක අයුරින් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී දක්ෂතා දක්වනු ලැබුවා.

කෙසේ වෙතත්, මෙම වසර මුලදී යළිත් ඔහු එම ආබාධයටම ලක් වූ අතර, ඒ හේතුවෙන් පෙබරවාරි සහ මාර්තු මාසවලදී ක්‍රිකට් පිටියෙන් ද ඉවත්ව සිටීමට ඔහුට සිදු වුණා.

අනතුරුව ආබාධය සුව වීම නිසා ස්ටීවන් ස්මිත් ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියට එක් වූ අතර, අයි.පී.එල් තරගාවලිය අතරමගදී අත්හිටුවීමට කටයුතු කිරීමට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ඔහු තරග 6කට ඔහු ක්‍රීඩා කළා.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව ඔහුගේ ආබාධය යළිත් උත්සන්න වී ඇති බව සදහන්.

20යි 20 ලෝක කුසලානය සදහා තවත් මාස 4ක පමණ කාලයක් ඉතිරිව ඇතත්, ස්ටීවන් ස්මිත්ට සම්පූර්ණයෙන් සුවය ලැබීම සදහා තවත් කොපමණ කාලයක් ගත වනු ඇත්දැයි මෙතෙක් නිශ්චිතව අනාවරණය කර ගෙන නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...