මෙන්ඩිස් – KJP ගැටුම නොසිතූ ප්‍රතිපලයක් ගෙන එයි

Date:

එංගලන්ත තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ පළමු පුහුණු තරගය කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගැනීම හේතුවෙන් ලකුණු සම වූ තරගයක් ලෙස අවසන් වුණා.

මෙම තරගය බදාදා දිනයේ දී(16) පැවැත්වුණේ ශ්‍රී ලංකා සංචිතයේම ක්‍රීඩකයින් අතරයි.

එක් කණ්ඩායමක් කුසල් ජනිත් පෙරේරා විසින් ද, අනෙක් කණ්ඩායම කුසල් මෙන්ඩිස් විසින් ද මෙහෙය වනු ලැබුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස් නායකත්වය දැරූ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 250ක් රැස් කළා.

රමේෂ් මෙන්ඩිස් ලකුණු 71(89)ක්, ඉසුරු උදාන ලකුණු 44 (57)ක් සහ ඕෂද ප්‍රනාන්දු ලකුණු 39ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අකිල ධනංජය ලකුණු 28කට කඩුලු 3 ක් සහ චාමික කරුණාරත්න ලකුණු 38කට කඩුලු 3ක් බිද හෙලුවා.

බිනුර ප්‍රනාන්දු ලකුණු 38කට කඩුලු 2ක් බිද හෙලූ අතර, නුවන් ප්‍රදීප් ලකුණු 20කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරාගේ කණ්ඩායම ද කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 250ක් පමණයි.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 64ක්, දසුන් ශානක ලකුණු 44ක්, ධනුෂ්ක ගුණතිලක ලකුණු 30ක් සහ කුසල් පෙරේරා ලකුණු 28ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 43කට කඩුලු 3ක් බිද හෙලූ අතර, දුෂ්මන්ත චමීර ලකුණූ 26කට කඩුලු 2ක් බිද හෙලුවා.

ප්‍රවීන් ජයවික්‍රම ද කඩුලු 2ක් බිද හෙලුවේ ප්‍රතිවාදීන්ට ලකුණු 44ක් ලබා දෙමින්.

වනිදු හසරංග (1/37) සහ රමේෂ් මෙන්ඩිස් (1/39) අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් අතර පැවැත්වෙන දෙවන පුහුණු තරගය එළඹෙන 18 වනදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...