ඉන්දියාව ලංකාවේ දී පුහුණු තරග 3කට; ඩ්‍රාවිඩ්ගේ පත් කිරීමත් තහවුරුයි

Date:

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක රාහුල් ඩ්‍රාවිඩ් කටයුතු කරන බව එරට ක්‍රිකට් ආයතනයේ ලේකම් ජයි ශාහ් තහවුරු කර තිබෙනවා.

ඒ, ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ට්‍රී, ඉන්දීය ටෙස්ට් කණ්ඩායම සමග එංගලන්ත තරග සංචාරය සදහා එක්ව සිටින බැවින්.

“රාහුල් විසින් ශ්‍රී ලංකා තරගාවලිය සදහා ඉන්දීය කණ්ඩායම පුහුණු කරනවා” යනුවෙන් ඒ.එන්.අයි පුවත් සේවය වෙත අදහස් දක්වමින් ලේකම් ජයි ශාහ් සදහන් කළා.

මෙය රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය ජාතික කණ්ඩායමේ පුහුණු තනතුරක් දරන දෙවැනි අවස්ථාවයි.

මීට පෙර 2014 වසරේ පැවැති ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී ද රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස කටයුතු කර තිබුණා.

එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් ඇතුළත් ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ශිකර් දවාන්ටයි.

සංචාරයට එක්වන ක්‍රීඩකයින් 25 දෙනා (දැල් පන්දු යවන්නන් සහිතව) ඊයේ (14) සිට දින 14ක කාලයක් මුම්බායිහී දී නිරෝධායනයට ලක්වීම ආරම්භ කළා.

පළමු දින 7න් පසුව ඔවුන්ට නිරෝධායනට ලක්වන අතරතුර දී ම පුහුණුවීම් සදහා ද එක්වීමේ හැකියාව පවතිනවා.

ඉන්දීය කණ්ඩායම ලබන 28 වනදා දිවයිනට පැමිණෙන අතර, අනතුරුව දින 3ක කාලයක්, එනම් ජූලි 1 දක්වා හෝටල් කාමර තුළම නිරෝධායනට ලක් වනු ඇති.

පසුව නිරෝධායනයට ලක් වන අතරතුරම පුහුණුවීම් සදහා ද එක්වීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට හිමිවන්නේ ජූලි 2-4 කාලයේ දී යි.

ජූලි 5-12 අතර කාලයේ දී නිරෝධායනයකින් තොරව පුහුණුවීම් කටයුතු සිදු කළ හැකියි.

එහිදී ඔවුන් ඉන්දීය සංචිතයේම ක්‍රීඩකයින් අතර සංවිධාන කරන පුහුණු තරග 3කට ද ක්‍රීඩා කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, 20යි 20 තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවලදීයි.

ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ තරගාවලිය සංවිධාන කෙරෙන අතර, සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...