ඉන්දු – එංගලන්ත කාන්තා ටෙස්ට් තරගයට සියල්ල සූදානම්

Date:

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(16) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට බ්‍රිස්ටල් හී දී ආරම්භ වීමට නියමිතයි.

මිතාලි රාජ් විසින් මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවන අතර, එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දරන්නේ හෙදර් නයිට් විසිනුයි.

ඉන්දීය සහ එංගලන්ත කාන්තා කණ්ඩායම් අතර අවසන් වරට ටෙස්ට් තරගයක් පවත්වා තිබුණේ 2014 වසරේ අගෝස්තු මාසයේ දී යි.

එම තරගයෙන් ඉන්දියාව කඩුලු 6ක ජයක් වාර්තා කළා.

දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 13ක් පවත්වා ඇති අතර, ඉන් තරග 2ක් ඉන්දීය කාන්තා කණ්ඩායම ද, එක් තරගයක් එංගලන්තය ද ජය ගැනීමට සමත් වුණා.

මෙම තරග සංචාරයේ දී ඉන්දීය කාන්තා කණ්ඩායම ටෙස්ට් තරගයට අමතරව එක්දින තරග 3කට සහ 20යි 20 තරග 3කට ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...