ටෙස්ට් ශූරතාවලියේ අවසන් ගැටුමට නවසීලන්ත සංචිතය නම් කෙරේ

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා වන නවසීලන්ත සංචිතය අද(15) ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ සදහා මිචෙල් සැන්ට්නර් වෙනුවට විශේෂඥ දග පන්දු යවන්නෙකු ලෙස ඇතුළත් කර ඇත්තේ අජාස් පටෙල්.

ඒ, එංගලන්තය සමග නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේ දී ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

එංගලන්තයට එරෙහි සංචිතයට නම් කර සිටි ඩග් බ්‍රැස්වෙල්, ජෙකොබ් ඩ‍ෆී, ඩැරල් මිචෙල් හා රචින් රවීන්ද්‍ර යන ක්‍රීඩකයින් ද මෙම සංචිතයට නම් කර නැහැ.

ආබාධ තත්ත්වයන් හේතුවෙන් නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ නායක කේන් විලියම්සන් සහ බී.ජේ. වොට්ලින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය සදහා නම් කර ඇති අතර, ඔවුන් දෙදෙනා අවසන් තරගය ආරම්භ වන අවස්ථාව වන විට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

බී.ජේ. වොට්ලින් අවසන් මහා තරගයෙන් පසුව ක්‍රිකට් පිටියෙන් ද සමු ගන්නා බව මීට පෙර නිවේදනය කර තිබුණා.

ලබන 18 වනදා සිට 22 වනදා දක්වා එංගලන්තයේ සවුත්හැම්ටන් හී දි පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයේ දී නවසීලන්තයේ ප්‍රතිවාදීන් වන්නේ ඉන්දියාවයි.

ඉන් ජය ගන්නා කණ්ඩායමට අයි.සී.සී ටෙස්ට් ශූරතා සෙන්කෝලය සමග අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක (රුපියල් කෝටි 31ක්) මුදලක් හිමි වීමට නියමිතයි.

අනුශූරයින්ට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් 800,000ක්.

Squad:

Kane Williamson (c), Tom Blundell, Trent Boult, Devon Conway, Colin de Grandhomme, Matt Henry, Kyle Jamieson, Tom Latham, Henry Nicholls, Ajaz Patel, Tim Southee, Ross Taylor, Neil Wagner, BJ Watling, Will Young.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...