යුනයිටඩ් කණ්ඩායමෙන් විශිෂ්ඨ හඹා යාමක්; හසන් යළි තරගාවලියට

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 22 වන තරගය ඊයේ(14) රාත්‍රියේ නිමාව දුටුවේ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමට කඩුලු 8ක විශිෂ්ඨ ජයක් හිමි කර දෙමින්. අබුඩාබිහී දී පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ කරච්චි කිංග්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කරච්චි කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 190ක් ලබා ගත්තා. නායක බබාර් අසාම් පන්දු 54කින් ලකුණු 81ක් රැස් කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් සමගින්.

නජිබුල්ලාහ් සඩ්රාන් පන්දු 42කින් නොදැවී ලකුණු 71ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්. තිසර පෙරේරා පළමු පන්දුවෙන්ම දැවී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යුනයිටඩ් පිතිකරුවන් පන්දුවාර 18.4ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ කඩුලු 2ක් දැවී සිටියදීයි.

කොලින් මුන්රෝ නොදැවී ලකුණු 88ක් සහ ඉෆ්ටිකාර් අහ්මඩ් නොදැවී ලකුණු 71ක් ලබා ගනිමින් යුනයිටඩ් කණ්ඩායමට විශිෂ්ඨ හඹා යාමක් වෙනුවෙන් අවස්ථාව උදා කර දුන්නා. පන්දු 56කින් වාර්තා වූ මුන්රෝගේ නොදැවුණු ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 12ක් ඇතුළත්. ඉෆ්ටිකාර්ගේ ඉනිම පන්දු 39කින් වාර්තා වූ අතර, ඊට හයේ පහර සහ හතරේ පහර 5 බැගින් ඇතුළත්.

පන්දු යැවීමේ දී වකාස් මක්සූඩ් සහ අබ්බාස් අෆ්රිඩි එක් කඩුල්ල බැගින් බිද හෙලූ අතර, තිසර පෙරේරා පන්දුවාර 2ක් පමණක් ය‍ොමු කර ප්‍රතිවාදීන්ට ලකුණු 34ක් ලබා දුන් නමුත් ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

මේ අතර, පාකිස්තාන සහ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සදහා තවදුරටත් ක්‍රීඩා කිරීමට තීරණය කිරීමත් සමග ඔහු මෙම තරගය සදහා ද ක්‍රීඩා කළා.

තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් වන බවට හසන් අලී ප්‍රකාශ කර දිනක් ගත වීමෙන් අනතුරුවයි ඔහු සිය තීරණය යළි වෙනස් කළේ.

පෞද්ගලික ගැටලුවක් හේතුවෙන් තමා තරගාවලියෙන් ඉවත් වන බව හසන් අලී පසුගියදා සදහන් කර තිබූ නමුත්, පසුව තම පවුල මුහුණ දී තිබූ අදාළ ගැටලුව විසදා ගැනීමට හැකි වූ බව ඔහු සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...