ICC ටෙස්ට් ශූරතාවලියේ ශූරයින්ට හිමිවන මුදල නිවේදනය කෙරේ; ශ්‍රී ලංකාවටත් මුදල්

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ආරම්භ වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි.

ලබන 18 වනදා සිට 22 වනදා දක්වා අවසන් මහා තරගය එංගලන්තයේ සවුත්හැම්ටන් හී දි පැවැත්වීමට නියමිතව ඇත්තේ නවසීලන්තය සහ ඉන්දියාව අතරයි.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු ශූරයින් ලෙස ඉතිහාසගත වනු ඇති.

ඔවුන්ට අයි.සී.සී ටෙස්ට් ශූරතා සෙන්කෝලය සමග අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමි වීමට නියමිත බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය අද(14) නිවේදනය කළේ.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 31ක් පමණ වනවා.

අනුශූරයින්ට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් 800,000ක් වන අතර, ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමි කර ගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 450,000ක මුදලක් හිමි වනු ඇති.

ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය සදහා ඩොලර් 350,000 ක මුදලක් හිමි වනවා.

පස් වැනි ස්ථානය සදහා හිමිවන මුදල ඩොලර් 200,000 ක් බව අයි.සී.සීය සදහන් කළා.

කණ්ඩායම් 9ක් සහභාගී වූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ සෙසු කණ්ඩායම් 4 සදහා ඩොලර් 100,000 බැගින් හිමි වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...