කුමාර් සංගක්කාර අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කෙරේ

Date:

අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ( ICC Hall of Fame) හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය අද(13) කටයුතු කළා.

ලබන 18 වනදා ආරම්භ වන පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සමගාමීවයි මෙම නම් කිරීම සිදු කරනු ලැබුවේ.

ඔහුට අමතරව තවත් ක්‍රීඩකයින් 10 දෙනෙකු ද අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය අද කටයුතු කළා.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවේ යුග 5කට අදාළව ක්‍රීඩකයින් දෙදෙනා බැගින් අදාළ ලැයිස්තුවට ඇතුළත් කෙරුණු අතර, එහිදී 1918 වසරට පෙර කාලය, 1918 – 1945 කාලය, 1946 – 1970 කාලය, 1971-1995 කාලය සහ 1996 – 2016 කාලයට අදාළව ක්‍රීඩකයින් දෙදෙනා බැගින් අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කෙරුණා.

කුමාර් සංගක්කාර අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ලැයිස්තුවට ඇතුළත් කෙරුණේ 1996 – 2016 කාලයට අදාළවයි.

1918 වසරට පෙර කාලයට අදාළව දකුණු අප්‍රිකාවේ Aubrey Faulkner හා ඔස්ට්‍රේලියාවේ Monty Noble අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කෙරුණා.

1918 – 1945 කාලයට අදාළව ඊට ඇතුළත් කෙරුණේ බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක Learie Constantine සහ ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක Stan McCabe.

1946 – 1970 කාලය සදහා අද දිනයේ දී අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩල ලැයිස්තුවට එංගලන්තයේ Ted Dexter සහ ඉන්දියාවේ Vinoo Mankad ඇතුළත් කෙරුණා.

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ Desmond Haynes හා එංගලන්තයේ Bob Willis 1971-1995 කාලයට අදාළවයි අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කෙරුණේ.

සිම්බාබ්වේ හි ඇන්ඩි ෆ්ලවර් සහ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර 1996 – 2016 කාලයට අදාළව ඊට ඇතුළත් කෙරුණා.

ඒ අනුව මේ වන විට ක්‍රීඩකයින් 103 දෙනෙකු අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ලැයිස්තුවට ඇතුළත්.

ශ්‍රී ලංකාවෙන් මීට පෙර ඊට ඇතුළත්ව සිටියේ මුත්තයියා මුරලිදරන් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...