අවසන් වසර 7 තුළ ශ්‍රී ලංකාව පමණක් දැක් වූ දස්කම නවසීලන්තයත් දක්වයි

Date:

නවසීලන්ත කණ්ඩායමේ විශිෂ්ඨ ක්‍රීඩා විලාශය හමුවේ වසර 7 කට පසුව සිය රට තුළදී ටෙස්ට් තරගාවලි පරාජයකට මුහුණ දීමට එංගලන්ත කණ්ඩායමට අද (13) සිදු වුණා.

අප මීට පෙර වාර්තා කළ පරිදි බර්මින්හැම් හී දී අද නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම ජය වාර්තා කළේ කඩුලු 8කින්.

1999 වසරට පසුව එංගලන්තයේ දී පළමු වරට ටෙස්ට් තරගාවලි ජයක් අපේක්ෂාවෙන් නවසීලන්තය මෙම තරගාවලියට එක් වූ අතර, ප්‍රථම තරගය ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදී පසුගියදා නිමාව දුටුවේ ජය පරාජයෙන් තොරවයි.

ඒ අනුව කණ්ඩායම් දෙකටම තීරණාත්මක වූ දෙවන ටෙස්ට් තරගය කඩුලු 8 කින් ජයග්‍රහණය කිරීමත් සමග තරගාවලියේ ජය තරග 1 – 0 ක් ලෙස නවසීලන්තයට හිමි වුණා.

මෙහිදී වඩාත් සුවිශේෂී කාරණය වන්නේ අවසන් වසර 7 තුළ එංගලන්ත කණ්ඩායම ඔවුන්ගේ රට තුළදී ටෙස්ට් තරගාවලි පරාජයකට මුහුණ පෑ ප්‍රථම අවස්ථාව මෙය වීමයි.

එම වසර 7 ක කාලය තුළ එංගලන්තයේදි ප්‍රබල කණ්ඩායම් ටෙස්ට් තරගාවලි 13 ක් ක්‍රීඩා කර තිබුණත් එම කිසිදු කණ්ඩායමකට එංගලන්තය පරාජයට පත් කිරීමට හැකි වී තිබුණේ නැහැ.

අවසන් වරට ඔවුන්ට සිය රටේදී ටෙස්ට් තරගාවලි පරාජයක් හිමිකර දීමට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම පමණයි.

2014 වසරේදී ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ අදාළ ටෙස්ට් තරගාවලිය ඉතාමත් තියුණු මුහුණුවරක් ගනු ලැබුවා.

තියුණු අවසානයකින් යුක්ත වූ දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමග තරගාවලියේ ජය ද තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව හිමි කර ගත්තා.

තරගාවලි 4 ක් මෙම වසර 7ක කාලය තුළ ජය පැරදුමකින් තොරව අවසන්ව තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...