ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් මහේලගේ කණ්ඩායමෙන් ඉවත් වෙයි

Date:

ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සහ මර්කස් ස්ටොයිනිස් මෙවර පළමු වරට එංගලන්තයේ දී සංවිධාන කර ඇති “ද හන්ඩ්‍රඩ්” හෙවත් ඉනිමකට පන්දු සියය බැගින් වන තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාම මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන සදර්න් බ්‍රේව් කණ්ඩායම නියෝජනය කිරීමටයි නියමිතව සිටියේ.

කොරෝනා වෛරසය හේතුවෙන් පනවා ඇති විවිධ සීමා කිරීම් හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

34 හැවිරිදි ඩේවිඩ් වෝනර් පවුම් 100,000 ක මුදලකට සහ 31 හැවිරිදි ස්ටොයිනිස් පවුම් 80,000 ක මුදලකටයි සදර්න් බ්‍රේව් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබුණේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ තරග සංචාර සදහා වන මූලික සංචිතයට ද ඩේවිඩ් වෝනර් සහ මර්කස් ස්ටොයිනිස් නම් කර තිබෙනවා.

එම තරගාවලි ජූලි – අගෝස්තු මාසවල පැවැත්වීමට නියමිතව ඇතත්, ඔවුන් දෙදෙනා පවුලේ සාමාජිකයින් සමග රැදී සිටීමේ අරමුණින් අදාළ තරග සංචාර සදහා එක් නොවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

“ද හන්ඩ්‍රඩ්” තරගාවලිය ද ජූලි 21 වනදා සිට අගෝස්තු 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජූලි 21 වනදා Oval Invincibles කාන්තා කණ්ඩායම සහ Manchester Originals කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් මෙම නව තරග රටාව නිල වශයෙන් ආරම්භ වනු ඇති.

ඊට පසුදින එනම් ජූලි 22 වනදා එම කණ්ඩායම් දෙකේම, එනම් Oval Invincibles සහ Manchester Originals යන කණ්ඩායම්වල පිරිමි කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයත් සමගින් පිරිමි අංශයේ තරගාවලිය ආරම්භ කෙරෙනවා.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන සදර්න් බ්‍රේව් (Southern Brave) කණ්ඩායම සහභාගී වන පළමු තරගය ජූලි 24 වනදා ට්‍රෙන්ට් රොකට්ස් (Trent Rockets) කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් 8ක් සහභාගී වන තරගාවලියේ මූලික වටයේ තරග අගෝස්තු 18 වනදායින් නිමා වන අතර, අවසන් තරගය අගෝස්තු 21 වනදා පැවැත්වීමට නියමිතයි. ALSO READ : “ද හන්ඩ්‍රඩ්” තරගාවලියට එක් අවසන් පූර්ව තරගයක් පමණයි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...